අදින් ආරම්භවන සෞභාග්‍යවත් දශකයේ සියලු ජල ප්‍රශ්නවලට විසදුම් ලබා දීමට අධිෂ්ඨාන කර ගනිමු.

අදින් ආරම්භවන සෞභාග්‍යවත් දශකයේ සියලු ජල ප්‍රශ්නවලට විසදුම් ලබා දීමට අධිෂ්ඨාන කර ගනිමු.

අදින් ආරම්භවන සෞභාග්‍යවත් දශකයේ සියලු ජල ප්‍රශ්නවලට විසදුම් ලබා දීමට අධිෂ්ඨාන කර ගනිමු.

– රාජය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා –

 

 

 

 

සෞභාග්‍යමත් දශකයක් අද ආරම්භවන බවත් අවංක හා කාර්යක්ෂම රාජ්‍ය සේවය තුළින් ජනතා කේන්ද්‍රීය වූ සංවර්ධනයන් ඉටු කිරීමට ප්‍රතිඥා දෙමු යනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ නායක, ජල සම්පාදන පහසුකම් රාජ්‍ය ඇමති වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අද (01) දින බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජල සම්පාදන පහසුකම් අමාත්‍යාංශයේ පැවති 2020 වසරේ රාජකාරී ආරම්භ කිරීම සහ රාජ්‍ය සේවකයන්ගේ ප්‍රතිඥා දෙන අවස්ථාවට නායකත්වය දෙමින් ජලසම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අදින් ආරම්භවන නව වසරක් පමණක් නොවෙයි. අලුත් දශකයක් ද වේ. පසුගිය දශකයක් අපගේ අසීරු කාර්යයන් ජය ගෙන විශේෂයෙන් ම යුද්ධය අවසන් කොට මේ රටේ නව සංවර්ධන වේගයකට රට ගමන් කරනවා. 2015 අපට අපගේ ක්‍රියාදාමය පෙරට ගෙන යාමට නොහැකි වූ අවස්ථාවකට මුහුණ දීමෙන් අනතුරුව නැවත අපහට 2019 වර්ෂයෙහි අග එම ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාම සඳහා නැවත මේ රටේ විශාල ජනවරමකින් අවස්ථාව ලබා දී තිබෙනවා.

ඒ නිසා 2019න් අවසන්වන දශකය එක්තරා ජයග්‍රහණයන් සමූහයක සටහනක් මෙන් ම 2020 දශකය ඊටත් වඩා ඉහළට මේ රට ඔසවා තබන, මේ රටේ පොදු ජනතාව ඔසවා තබන නව දශකයක් වේවා! දෙවනුව මෙය සෞභාග්‍යයේ දශකයක් හැටියට අපේ ජනාධිපතිතුමා හඳුන්වා දී තිබෙනවා. 2020 දශකය ලංකා ඉතිහාසයේ ජනතාවාදී තවත් නව පරිච්ඡේදයක් අපේ ඉතිහාසයට එකතු කරනවා කියා මා විශ්වාස කරනවා. මේ වසර ඒ අනුව එබඳු ප්‍රවේශයක් සඳහා වූ සුභ නව වසරක් වේවා!

මේ අපි ලබන සංවර්ධනය අපේ ප්‍රතිඥාවේ කී සේම ජනතා කේන්ද්‍රීය වූ සංවර්ධනයක් හැටියට අපි සහතික කිරීමට බලාපොරොත්තුවනවා. සෞභාග්‍ය දශකය රටේ මුළු ජනතාවටම මේ සෞභාග්‍ය බෙදා ගත හැකිවේවා! සියලුම ජනතාව අත්නොහැරෙන සාධාරණත්වයක් ඉටු වන නව වසරක් වේවා! යි පතනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ජල හිඟයකින් පෙළෙන දුෂ්කරම ප්‍රදේශයන්හි ජීවත් වන දුප්පත්ම ජනයා වෙත  ජලයේ සිසිලස රැගෙන යාමට අපට ශක්තිය ලැබේවා! එය තුළින් අප රටටත් සමෘද්ධිය අත්වේවා! ප්‍රාර්ථනා කරනවා.

මේ සඳහා රාජ්‍ය ලේකම් එස්.එම්.හරිශ්චන්ද්‍ර, අතිරේක ලේකම්වරු වන එල්.මංගලිකා, පාලිත වීරසිංහ, මොහමඩ් නෆීල්, රාජ්‍ය ඇමතිතුමාගේ පෞද්ගලික ලේකම් නීතිඥ සරත් රණසිංහ, සම්බන්ධීකරණ ලේකම් ඩී.වී.ජී තිලකසිරි, මාධ්‍ය ලේකම් සංජීව ධම්මික යන නිලධාරීහු එම අවස්ථාවට එක් වූහ.