අවුරුදු පහක් ඇතුළත දුප්පත්කම සම්පූර්ණයෙන් තුරන් කිරීම මෙම රජයේ අරමුණයි. – ගරු රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර

අවුරුදු පහක් ඇතුළත දුප්පත්කම සම්පූර්ණයෙන් තුරන් කිරීම මෙම රජයේ අරමුණයි. – ගරු රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර

අවුරුදු පහක් ඇතුළත දුප්පත්කම සම්පූර්ණයෙන් තුරන් කිරීම මෙම රජයේ අරමුණයි.

ගරු රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා

දුප්පත්කම අවුරුදු පහක් ඇතුළත මේ රටෙන් තුරන් කිරීම වත්මන් රජයේ අරමුණයි. ඒ දුප්පත්කම තුරන් කිරීම සඳහා ජලය සියලු දෙනාට ලබා දිය යුතු බවත් ජලය විකුණන භාණ්ඩයක් නොවන නිසා එය ලබා දීමට වැය වන ගාස්තුව පමණක් අය කිරීමට සිදුවන බවත් රාජ්‍ය අමාත්‍ය වාසුදේව මහතා පවසයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ දොඹගම්මන නැවත පදිංචි කිරීමේ ගම්මානයේ  පානීය ජල ව්‍යාපෘතිය ආරම්භ කරමින් අනතුරුව පැවති උත්සවය අමතමින් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ නායක, ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මේ බව අනාවරණය කළේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා ජාතික ජල සම්පාදන මණ්ඩලයත්, ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවත් විශාල ණය බරක් දරමින් මෙම ජල ව්‍යාපෘති පවත්වාගෙන යනවා.

මේ දිස්ත්‍රික්යේ ජල සම්පාදන හා සනීපාරක්ෂාව වැඩි කිරීමේ ව්‍යාපෘති දාහතක් ක්‍රියාත්මක වනවා. රජයේ ක්‍රියා කරන නිලධාරින් තමන්ට ලැබෙන පඩියට වඩා වෙහෙස වී ක්‍රියා කරන නිසා මෙම ව්‍යාපෘති සාර්ථකව පවත්වා ගෙන යාමට හැකි වී තිබෙනවා.

එමෙන් ම අක්‍රීය වී තිබෙන ජල ව්‍යාපෘති නැවත ක්‍රියා කරවීමට මම නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ලෝක බැංකුවේ ණය ආධාරයෙන් මෙවැනි ජල ව්‍යාපෘති පවත්වාගෙන යන අතර එක් පුද්ගලයෙක් හෝ අතහරින්නේ නැතිව ජලය ලබා දිය යුතුයි.

වනාන්තරය ජලයේ මාතාව වේ. ඒ මාතාව පෝෂණය කිරීමෙන් ජල මූලාශ්‍ර රැක ගත යුතුයි. කුඹුක් සහ මී ගස් වගා කරන මෙන් ද ගෙවත්තේ ගස් වැවීමක් එක්තරා විදිහට කැලෑ ආරක්ෂා කිරීමක් වේ.

පාර්ලිමේන්තුව ඉහළින් තිබුණත් රජය, පළාත් සභාව, ප්‍රාදේශීය සභාව යන තල තුනම එකතු වී රජයක් සම්පූර්ණ වෙනවා. දේශපාලකයින් තිරයේ පෙනී සිටියත් ජනතාවට සේවයක් ඉටු කිරීමට රාජ්‍ය නිලධාරීන් විශාල සහයෝගයක් ලබා දෙනවා. ජලය ලබා දීමෙන් ජනතාවටම සහ ගමට සුන්දරත්වයක් ලැබෙනවා. ජනතාවට අත්‍යවශ්‍ය දේවල් නොලැබෙන විට මිනිසුන් යක්කු වෙනවා. අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට සිදු වෙනවා.

මෙම මුල් ගල් තැබීමේ උත්සවයට රත්නපුර දිස්ත්‍රික්ක දිසාපති මාලනි ලොකුපෝතා ගම, නිවිතිගල ප්‍රාදේශීය ලේකම් දර්ශන සමරසේකර, ප්‍රාදේශීය සභා සභාපති කුලතුංග රාජා, ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් සංජීව ධම්මික, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ පැල්මඩුල්ල සංවිධායක ආනන්ද ප්‍රේමසිරි විතානගේ යන මහතුවරු එක් වූහ.