අභාවප්‍රාප්ත කාලෝ ෆොන්සේකා මහතා පිළිබඳ ශෝක පණිවුඩය

අභාවප්‍රාප්ත කාලෝ ෆොන්සේකා මහතා පිළිබඳ ශෝක පණිවුඩය

අභාවප්‍රාප්ත කාලෝ ෆොන්සේකා මහතා පිළිබඳ ශෝක පණිවුඩය

මෙරට වෛද්‍ය විද්‍යාව, සාහිත්‍ය, කලාව, දේශපාලනය, ආදී විෂයයන් රැසක ප්‍රාමාණික බුද්ධිමතෙකු වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අප අතරින් සදහට ම වෙන් වූවේ ය. එවැන්නෙකුගේ වියෝගය එක් එක් පාර්ශ්වයකට වඩා පොදුවේ සමස්ත රටට ම සිදු වූ පිරවීමට අපහසු තරමේ රික්තකයක් බැව් නොකිව මනා ය.

වෛද්‍ය පීඨ පීඨාධිපතිවරයෙකු මෙන් ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පාලක සභා සාමාජිකයෙකු ලෙස ද දීර්ඝ කාලයක් රැඳී සිටිමින් මෙරට උසස් අධ්‍යාපනයට සහ විශ්වවිද්‍යාල පද්ධතිය වෙනුවෙන් ඉටු කළ මෙහෙය පැසසිය යුතු ය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා වශයෙන් එතුමා ඉටු කළ මෙහෙය අදටත් එම වෘත්තිකයින්ගේ නොමඳ ප්‍රශංසාවට ලක්වෙයි. වාමාංශික දේශපාලකයෙකු වශයෙන් ශ්‍රී ලංකා සමසමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු හා දේශපාලන මණ්ඩලයේ සාමාජිකයෙකු වශයෙන් සේවය කර ඇත

මහාචාර්ය කාලෝ ෆොන්සේකා ලියූ ගීත ද අදටත් අප අතර රැවු දෙනවා. එතුමා ලියූ කවි අදත් රස විඳිනවා. කාලෝ ෆොන්සේකා නම් කලාකරුවා මෙන් ම විචාරකයා වරෙක රැඩිකල් කලාකරුවෙකි. විචාරකයෙකි. ප්‍රත්‍යක්ෂය ම පමණක් සත්‍ය ලෙස පිළිගත් තවත් එක් මහාචාර්යවරයෙක් වශයෙන් ද එතුමා හැඳන්වීම නිවැරදි ය.

එවන් නිර්භය සහ සෘජු ප්‍රතිපත්ති සහිත විද්වතකුගේ අභාවය රටට මෙන් ම උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට ද දැරිය නොහැකි පාඩුවකි.

රවුෆ් හකීම්,

නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය.