අධ්‍යාපනයට සහ උසස් අධ්‍යාපනයට වැඩිම මුදලක් වැය කළේ වත්මන් රජයයි. අමාත්‍ය ලකී ජයවර්ධන

අධ්‍යාපනයට සහ උසස් අධ්‍යාපනයට වැඩිම මුදලක් වැය කළේ වත්මන් රජයයි. අමාත්‍ය ලකී ජයවර්ධන

ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ මානව සම්පත් සංවර්ධනය ඇතිවන සේ වැඩිහිටි ජනතාවට මෙන්ම තරුණ තරුණියන්ගේ වෘත්තීය ක්ෂේත්‍රයට ගැළපෙන පාඨමාලා 60කට ආසන්න ප්‍රමාණයක් පවත්වාගෙන යනු ලැබෙන මෙම ආයතනය ශක්තිමත් කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය ලබා දෙන බව අමාත්‍ය ලකී ජයවර්ධන මහතා පවසයි.

වසර 50ක ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා පදනම් ආයතනයේ වාර්ෂික සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් (2019.07.18 දින) සහභාගීවීමෙන් අනතුරුව නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ලකී ජයවර්ධන මහතා මේ බව අනාවරණය කළේය.

මෙම ආයතය මගින් පවත්වාගෙන යනු ලබන පාඨමාලා 7ක් සඳහා උපාධි බලතල ලබා දීම සම්බන්ධ යෝජනාව කෙරෙහි දැඩි අවධානය යොමු කරන බවත්,එහි උන්නතිය උදෙසා වැඩ කටයුතු කළ එහි සභාපති සරත් කෝන්ගහගේ මැතිතුමාට ශුභාශිංසන එක් කළේය.මේ ආයතනයේ වයස් සීමාවක් නැතිව පාඨමාලා හැදෑරිය හැකිය.එයයි අවශ්‍ය අද ලොකු අධ්‍යාපන පිපාසයක් තියෙනවා කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා ඇති වී ඇත. අධ්‍යාපනයේ වැදගත්කම තේරුම් ගත් පිරිසක් අද සිටිනවා.වර්තමානයේ ගැටලු අධ්‍යාපන ක්ෂේත්‍රෙය් ගැටලු තිබෙනවා.විශේෂයෙන් අධ්‍යාපනය ගැන කතා කරලා පහු ගිය කාලේ අවාසනාවන්ත සිදුවීම් අපි දැක්කා විශ්වවිද්‍යාල කියා ගන්නා සමහර ආයතන හදා ගෙන ඒවා විශ්වවිද්‍යාලවලට නම් කරගන්න අය ඉන්නවා.අපේ රජය ඒවා සමනය කරන්න බැඳි සිටිනවා.විශේෂයෙන් මේ රටේ ජීවත්වන සෑම කෙනෙකුගේම වගකීම හා යුතුකම මේ රට ගැන හිතල කටයුතු කිරීමයි.

තව දුරටත් අදහස් දැක් වූ එතුමා,අප ජීවිතය තුළ ලබා ගන්නා ජයග්‍රහණ අපට ඉදිරියටත් කැපවීමෙන් කටයුතු කිරීම සඳහා පන්නරයක් ලබා දෙන අතර ඔබ අද අත්පත් කර ගත් ජයග්‍රහණය ඔබගේ අනාගත ජීවිතයට අරුතක් සහ ශක්තියක් ලබා දෙන බවට තරයේ විශ්වාස කරන බවත්,ලෝකයේ ජීවත් වන ඕනෑම පුද්ගලයෙකුට කුමක් නැති වී ගිය ද තමා විසින් ළඟා කර ගත් අධ්‍යාපනය සහ දැනුම කිසිවෙකුට සොරකම් කළ නොහැකිය.එදා මේ රටේහිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා තමයි මෙහි ආරම්භකයා වුණේ.ජේ.ආර් ජයවර්ධන මහතා මෙය දියුණු කිරීමට කටයුතු කළ අතර එදා සිට අද දක්වා මෙය දියුණු කිරීමට කටයුතු කළ සැමට ස්තුතිය පුද කළ යුතුයි.ආයතනයට පසු ගිය වසරවල සිදු වූ බාධා දුරුකිරීමට වර්තමාන සභාපතිතුමා ජනාධිපතිතුමා සමග එකතු වී ඒ කටයුතු කරනවා.විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට අපේ රජය අවුරුදු හතරක කාලයක් තුළ විශාල සේවයක් කළා.අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ මිලියන 65000ක් වෙන් කළා.එහි ප්‍රතිපාදන අපේ රටේ ජනතාව ලබනවා.

විශ්වවිද්‍යාල පද්ධතිය ගැන කතා කළොත් විශාල දියුණුවක් ලබලා තියෙනවා.නේවාසිකාගාර ගොඩනැගිලි 100ක් සාදා දුන්නා. .එය ඉටු කිරීමට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඒ සඳහා කැප වී කටයුතු කළා. 2015 සිට මේ වන විට යටිතල පහසුකම් දියුණු කිරීමට බිලියන 100ක් ලබා දී තිබෙනවා. අපි මේ සියල්ල ඉටු කිරීමට අපේ රජය බැඳී සිටිනවා.අපේ රටේ පමණයි අධ්‍යාපනය සහ සෞඛ්‍ය නොමිලයේ ලබා දෙන්නේ  මෙම අවස්ථාවට සහභාගී වීමට ලැබීම පිළිබඳව සතුටට පත් වනවා මෙන්ම මේ කටයුතු දියුණු කිරීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති ජනාධිපති නීතිඥ සරත් කෝන්ගහගේ මැතිතුමා, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශයේ අතිරේක ලේකම් කේ.ආර් උඩුවාවල, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අධ්‍යාපන අංශ භාර අධ්‍යක්ෂ අචාර්ය ආර්.එම්.විජේරත්න, හිටපු අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න, සරත් හේවගේ යන මහත්වරු මෙන්ම, ආයතනයේ අංශ ප්‍රධානීන් සහ අධ්‍යක්ෂවරු එක් වූහ.

 

ඒ.හිල්මි මොහමඩ්