පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍ය පීඨයේ ගොඩනැගිල්ල විවෘත කිරීම

පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍ය පීඨයේ ගොඩනැගිල්ල විවෘත කිරීම

මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් ම වැඩි ම මෙහෙයක් කළේ එක්සත් ජාතික පක්ෂය යි.- අමාත්‍ය ලකී ජයවර්ධන

 

මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් වැඩ ම දායකත්වයක් සහ මෙහෙයක් සිදු කළේ අන් කිසිදු පක්ෂයක් නොව එක්සත් ජාතික පක්ෂය බැව් නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ලකී ජයවර්ධන මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2019/07/04වන දින මහනුවර, පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ‘ළඟ ම පාසල හොඳ ම පාසල’ වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

මේ රටේ දැවැන්ත වෙනසක් සිදු කළ නිදහස් අධ්‍යාපනය මේ රටට හඳන්වා දුන්නේ එක්සත් ජාතික පක්ෂය යි. විද්‍යාපීඨ සංකල්පය හැදුවෙත් එක්සත් ජාතික පක්ෂයේ එවක අධ්‍යාපන අමාත්‍යවරයෙක් ව සිටි වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා යි. මේ විද්‍යා පීඨ සංකල්පය තුළ වැදගත්, ගුණවත්, දක්ෂ ගුරුවරුන් බිහි වෙනවා. අවුරුදු 03ක පාඨමාලාව තුළ විශාල වෙනසක් මේ අය තුළ සිදු වෙනවා. එය රටේ වෙනසක මුල. පාසල් ළමුන්ට නිල ඇඳුම් ලබා දීම, ළමුන්ට නොමිලේ පොත් ලබා දීම, ටැබ් යන්ත්‍ර ලබා දීම මෙන් ම සුපිරි පාසල් (Smart Schools) වැඩසටහන ද හඳුන්වා දෙන්නේ එක්සත් ජාතික පක්ෂය යි. මේ කාර්යයේ ගෞරවය එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට හිමි විය යුතු යි.

එමෙන් ම මම එතුමාට ස්තූතිවන්ත වෙනවා 2015 සිට මේ දක්වා උඩුනුවර ආසනය වෙනුවෙන් රුපියල් ලක්ෂ 55000කට අධික මුදලක් ලබා දීම සම්බන්ධව.  අපි රජයක් විදියට 2015න් පසු ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල ම මුදල අයවැයෙන් වෙන් කරන්නට කටයුතු කළා. මුදල් වෙන් කිරීම පමණක් නොව ඒ සමඟ සිදු කළ වෙනස්කම් නිසා රට තුළ විශාල වර්ධනයක් තියෙනවා. වසර 35ක කාලයක් තුළ මේ රටට එක්සත් ජාතික පක්ෂය තරම් සේවය කළ පක්ෂයක් නැහැ. යනුවෙන් ද පැවසී ය.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන් වන සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල, අකිල විරාජ් කාරියවසම්, ඒ.එල්.එම්.හලීම්, විජයකලා මහේෂ්වරන්, නගරාධිපති, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්තුමා ඇතුළු විශාල පිරිසක් ද සහභාගී වූහ.