බලය බෙදාහැරීමට ප්‍රමුඛතාවය දීලා සංශෝධන ගෙන එනවා නම් අපේ සහයෝගය ලබා දෙනවා

බලය බෙදාහැරීමට ප්‍රමුඛතාවය දීලා සංශෝධන ගෙන එනවා නම් අපේ සහයෝගය ලබා දෙනවා

බලය බෙදාහැරීමට ප්‍රමුඛතාවය දීලා සංශෝධන ගෙන එනවා නම් අපේ සහයෝගය ලබා දෙනවා….-අමාත්‍ය රවුෆ් හකීම්.

සමහර අයට අවශ්‍යවෙලා තියෙනවා මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න. නමුත් අවුරුදු 04ක් ගියාටත් පස්සේ කඩිමුඩියේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්නට යන්නේ තමන්ගේ පෞද්ගලික දේශපාලන උවමනා එපාකම්වලට අනුවයි. පෞද්ගලික දේශපාලන වාසි බලා ගෙනයි. ඒ නිසා පක්ෂ නායක රැස්වීමේ දී ජනාධිපතිතුමාට අපි පැවසූයේ බලය බෙදා හැරීමට ප්‍රමුඛතාවය දීලා ඒ පිළිබඳ සංශෝධන සිදු කරනවා නම් අපේ සහයෝගය ලබා දෙන බව යි. යනුවෙන් නගර සැලසුම් ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා පැවසී ය.

අනුරාධපුර ප්රැදේශයේ හඳුනානොගත් වකුගඩු රෝගය වැලක්විමේ අරමුණෙන් ඉදිකරන ලද පිරිපහදු මධ්‍යස්ථාන හා නගර සංවර්ධන ව්‍යාපෘති යටතේ මාර්ග කාපට්කර ජනතා අයිතියට පත් කිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වීමේ දී මේ බව අනාවරණය කළේයග

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

දීප ව්‍යාප්ත මැතිවරණයකට යාම තමයි මේ වෙලාවේ තිබෙන එක ම මාර්ගය. රටේ ස්ථාවර ආණ්ඩුවක් නිර්මාණය කිරීමයි මේ මොහොතේ අවශ්‍ය වන්නේ. ඒ නිසා ව්‍යවස්ථා සංශෝධන ගැන කථා කළත් ඒක සිදුවෙන වැඩක් නොවෙයි. ඊට අවශ්‍ය සහයෝගය මේ අවස්ථාවේ ලැබෙන්නෙත් නැහැ.

ජනතා විමුක්ති පෙරමුණ මඟින් ගෙන එන 20වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය ලබාදෙන්නේ දැ යි ඇසූ පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ

, ජනතා විමුක්ති පෙරමුණට දැන් අලුත් යාලුකම් ඇතිකර ගන්න ඕනේ වෙලා තියෙනවා. ඒ අයට කියන්න තියෙන්නෙත් රටේ ස්ථාවර ආණ්ඩුවක් හැදුවොත් ඒ කටයුත්තට ඒ අයට අවශ්‍ය අවස්ථාවක් ලැබේවි. ඒ අයට හොඳ ආස්වාදයක් එයින් ලැබේවි., යනුවෙනි.

ඒකාබද්ධ විපක්ෂය විසින් ව්‍යවස්ථාදායක සභාව විවේචනය කිරීම සම්බන්ධයෙන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසූයේ , ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ දේශපාලන වැඩකටයුතු කරගන්න බැරි වුණා ම විවේචන එල්ල වෙන එක සාමාන්‍යයි. අපි දැක්කා ඔක්තෝම්බර් 26 වුණු දේ. ඒ අනවශ්‍ය දේ නිසා මෙන් ම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තමන්ට අවශ්‍ය පරිදි නොලැබීම හේතු කරගෙන තමයි ඒ අය මේ විවේචන එල්ල කරන්නේ. ඔවුන් ඒ නිසා ම 19වැනි සංශෝධනයටත් දොස් කියමින් යනවා. ආත්මාර්ථකාමී උවමනාව ඉටු නොවීම තමයි ඒ අයගේ විවේචනය. ඒකට කලබල විය යුතු නැහැ.

ජනපතිවරණයේ දී මුස්ලිම් කොන්ග්‍රසයේ සහාය ලැබෙනුයේ කවුරුන්හට දැ යි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසූයේ , ඉන්න පැත්ත එක්ක තමයි අපි ඉන්නේ. මැතිවරණය දිනන්න පුලුවන් කෙනා එක්ක තමයි අපි ඉන්නේ. ඒ කාටද කියන එක පක්ෂය තීරණය කරයි.,යනුවෙනි.