මල්වානට කොන්ක්‍රීට් කානු පද්ධතියක්

මල්වානට කොන්ක්‍රීට් කානු පද්ධතියක්

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ප‍්‍රතිපාදනයෙන් රුපියල් මිලියන 18ක් වැයකර මල්වාන වල්ගම ප‍්‍රදේශයේ ඉදිකරමින් පවතින කොන්ක‍්‍රිට් කානු පද්ධතිය අධික්ෂනය කිරිම සදහා එම අමාත්‍යාංශයේ ලේකම් වසන්ත හපුආරච්චි මහතාගේ උපදෙස් අනුව අතිරේක ලේකම් ඒ.ඞී.එම් නෆීල් මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් නිලධාරි කණ්ඩායමක් නිරික්ෂණ කිරිමේ දර්ශන ඡායාරූපයෙන් දැක්වේ.

යහපාලන රජයේ නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතාගේ උපදෙස් පරිදි මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි.

දැනට සම්පූර්ණකර ඇති එම කොන්ක‍්‍රිට් කාණු පද්ධතියේ සමහර ස්ථානවල පවතින කාන්දුවීම් පිළිබදව බස්නාහිර පළාත් ලේකම් මාර්ගයෙන් කොන්ත‍්‍රාත්කරුගේ අවධානයට ලක් කර පිළිසකර කිරීමට පියවර ගන්නා බව නෆීල් මහතා පැවසීය. මෙම චාරිකාවට සංවර්ධන අධ්‍යක්ෂ දමිත් නල්ලප්පෙරුම මහතාද එක්වූහ. ශ‍්‍රි ලංකාවේ දෙවෙනි විශාලතම අයෝජන ප‍්‍රවර්ධන කලාපය ව්‍යාපෘතියක් වන බියගම නිදහස් වෙළද කාලාප ප‍්‍රදේශයට සහ මල්වාන ප‍්‍රදේශයේ වල්ගමල වැකන්ද මල්වත්ත සහ කන්දවත්ත යන ගම්මානවලට පවතින වැසි ජලය කැළණි ගගට එක් කිරිමේ මාර්ගයේ කොටසක් මෙම ව්‍යාපෘතියෙන් සංවර්ධනය කෙරේ.